06/18 වන දින අප තන්තිරිමලය රජමහා විහාරස්ථානයේ පොසොන් ආලෝක පුජාව ලංකාදිප පුවත්පත මගින් 5වන වරටත් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවත්විය. විජය පුවත්පත් සමාගමේ සභාපත් රංජිත් විජයවර්ධන මහතා අතින් මෙම අලොක පුජාව විවෘත විය. මේ අවස්ථාව සදහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළුව උතුරු මැද පළාත් එකාබද්ධ මෙහෙයුම් අඥාපති මෙජර් ජෙනරාල් සනත් කරුණාරත්න මහතා, ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතා හා ප්‍රදේශයේ ආරක්ෂ නිළධාරින් ඇතුළු විශාල ප්‍රභූ පිරිසක් සහභාගි විය. මිට අමතරව ලංකාදිප පුවත් පත මගින් තන්තිරිමලේ දහම් පාසල් සිසුන් හට නිල ඇදුම් ප්‍රදානය හා දහම් පාසල් ගුරුවරුන්ට නිල ඇදුම් පුධානයක්ද සිදු කරන ලදි.
තන්තිරිමලය රජමහා විහාරස්ථානයේ පොසොන් ආලෝක පුජාවට අමතරව දාන සිල භාවනා ආදි ආගමික කටයුතු රාශියක් දවස පුරා පවත්වන ලදි. සවස් භාගයේ ප්‍රදේශයේ සිසු දරු දැරියන් ඇතුළු තරුණ පිරිසගේ බැති ගී සංදර්ශනයක්ද පවත්වන ලදි.
අද දිනද ( 2008 ජූනි මස 19 වැනිදා) මෙම පොසොන් ආලෝක පුජාව හා බැති ගී සංදර්ශනය පවත්වනු ලැබේ.
මෙහිදි ගන්නා ලද ඡායාරුප කිපයක් පහතින් ඇත.









