ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ මෙවරත් පොසොන් ආලෝක පුජාව විජය පුවත් පත් සමාගම විසින් ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුකරමින් පවතින අතර ඒ අලලා සුවිශේෂි කටයුත්තක්ද අද දින උදැසන 10:30 යෙදුනු සුභ මොහොතින් සිදු කෙරුනි උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා ඇතළු පවුලේ සැම විසින් තන්තිරිමලේ පුදබිමේ අෂ්ඨඵල බොධීන් වහන්සේ වටා රන් වැටක් ඉදි කිරිම හා රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක් වහන්සේ නමක් පුජා කිරිම සිදු කල අතර මේ හා සමග දවස පුරා සිල භාවනා වැඩසටහන් රාශියක් ද සිදුකරමින් පවති. මෙම කටයුතු සදහා උතුරු නැගෙනහිර දෙපලාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදි පුජ්‍ය තන්තිරිමලේ චන්දරතන නායක හිමිපානන් වහන්සේගෙ අනුශාසනා පරිදි ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු දුමින්ද දිසානායක් අමත්‍යය තුමාද, උතුරුමැද පළාත් නියොජ්‍ය පොලිස් පති තුමා අතුළු විශාල ප්‍රභු පිරිසක් මෙම පුණ්‍ය කටයුතු සදහා සහභාගි විය.
මේ සම්භන්ද ජායාරුප කිපයක් පහතින් ඇත.









