Tantirimale Rajamaha Viharaya

Entries from June 2008

පොසොන් ආලෝක පුජාව 2008/06/18 දින

June 19, 2008 · Leave a Comment

06/18 වන දින අප තන්තිරිමලය රජමහා විහාරස්ථානයේ පොසොන් ආලෝක පුජාව ලංකාදිප පුවත්පත මගින් 5වන වරටත් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවත්විය. විජය පුවත්පත් සමාගමේ සභාපත් රංජිත් විජයවර්ධන මහතා අතින් මෙම අලොක පුජාව විවෘත විය. මේ අවස්ථාව සදහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළුව උතුරු මැද පළාත් එකාබද්ධ මෙහෙයුම් අඥාපති මෙජර් ජෙනරාල් සනත් කරුණාරත්න මහතා, ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතා හා ප්‍රදේශයේ ආරක්ෂ නිළධාරින් ඇතුළු විශාල ප්‍රභූ පිරිසක් සහභාගි විය. මිට අමතරව ලංකාදිප පුවත් පත මගින් තන්තිරිමලේ දහම් පාසල් සිසුන් හට නිල ඇදුම් ප්‍රදානය හා දහම් පාසල් ගුරුවරුන්ට නිල ඇදුම් පුධානයක්ද සිදු කරන ලදි.

තන්තිරිමලය රජමහා විහාරස්ථානයේ පොසොන් ආලෝක පුජාවට අමතරව ද‍ාන සිල භාවනා ආදි ආගමික කටයුතු රාශියක් දවස පුරා පවත්වන ලදි. සවස් භාගයේ ප්‍රදේශයේ සිසු දරු දැරියන් ඇතුළු තරුණ පිරිසගේ බැති ගී සංදර්ශනයක්ද පවත්වන ලදි.

අද දිනද ( 2008 ජූනි මස 19 වැනිදා) මෙම පොසොන් ආලෝක පුජාව හා බැති ගී සංදර්ශනය පවත්වනු ලැබේ.

මෙහිදි ගන්නා ලද ඡායාරුප කිපයක් පහතින් ඇත.

Categories: Uncategorized
Tagged:

පොසොන් ආලෝක පුජාව

June 18, 2008 · Leave a Comment

ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ මෙවරත් පොසොන් ආලෝක පුජාව විජය පුවත් පත් සමාගම විසින් ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුකරමින් පවතින අතර ඒ අලලා සුවිශේෂි කටයුත්තක්ද අද දින උදැසන 10:30 යෙදුනු සුභ මොහොතින් සිදු කෙරුනි උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා ඇතළු පවුලේ සැම විසින් තන්තිරිමලේ පුදබිමේ අෂ්ඨඵල බොධීන් වහන්සේ වටා රන් වැටක් ඉදි කිරිම හා රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක් වහන්සේ නමක් පුජා කිරිම සිදු කල අතර මේ හා සමග දවස පුරා සිල භාවනා වැඩසටහන් රාශියක් ද සිදුකරමින් පවති. මෙම කටයුතු සදහා උතුරු ‍නැගෙනහිර දෙපලාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදි පුජ්‍ය තන්තිරිමලේ චන්දරතන නායක හිමිපානන් වහන්සේගෙ අනුශාසනා පරිදි ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු දුමින්ද දිසානායක් අමත්‍යය තුමාද, උතුරුමැද පළාත් නියොජ්‍ය පොලිස් පති තුමා අතුළු විශාල ප්‍රභු පිරිසක් මෙම පුණ්‍ය කටයුතු සදහා සහභාගි විය.

මේ සම්භන්ද ජායාරුප කිපයක් පහතින් ඇත.

Categories: Uncategorized
Tagged: