Entries from November 2007

උතුරු මැද පලාත් ඒකාබද්ද මෙහෙයුම් ආඥාපති තුමා තන්තිරිමලේට පැමිණි අවස්ථාවේ අවස්ථාවේ තන්තිරිමලේ රජමහා විහාරාධිපති වහන්සේ, අනේකුත් විහාරස්ථානවල විහාරාධීපතින් වහන්සේලා, යුධ හමුදා ප්‍රධානින්, පොලිස් ප්‍රධානින්, සිවිල් ආරක්ෂක නිලධාරින් හා ගමේ වෙසේන ප්‍රධානින් එක්ව විශේෂ රැස්විමක් පැවත්විය.
මෙම අවස්ථාවේ තන්තිරිමලය ආරක්ෂාව පිළිබදව එතුමා නව වැඩපිළිවෙලක් සකස් කර තන්තිරිමලය ආරක්ෂාව කර දෙන ලෙස පොරොන්දු විය.
Categories: Uncategorized
Tagged: Sri Lanka, Tantirimale

2007 වර්ශයේ ආණ්ඩුකාර ලේකම් වරුන්ගේ සම්මෙලනය අනුරාධපුර නගරයේදි පැවත්විය. මේ සදහා සහභාගි වු ලෙකම් වරුන් 09ව දෙනා තන්තිරිමලය පුද බිම වැද පුදා ගැනිමට පැමිණි අතර එම අවස්ථාවේ ඔවුන් ප්‍රකාෂ කර සිටියේ තන්තිරිමලය ප්‍රදේශය ඉතා සන්සුන්ව සාමකාමි ව බවතින බවයි. ඔවුන්ගේ පැමිණිම තන්තිරිමලේ රජමහා විහාරාධිපති වහන්සේ ඇතුළු ප්‍රදේශ වාසින්ගේද මහත් ප්‍රසංසාවට ලක්විය.
Categories: Uncategorized
දිවි පරදුවට තබමින් තම ගම ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරින් 217 දෙනකු ඇතුළු ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති තුමාද හා තන්තිරිමලේ යුධ හමුදා කදවුරේ අණදෙන නිළධාරි තුමා අතුළු ගම් වාසියකුද මෙම ජනතා උපහාරයෙන් පිදුම් ලැබුයේය මේ උත්සවය සදහා තන්තිරිමලේ රජමහා විහාරාධීපතින් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ මහා සංඝරත්නයද දිස්ත්‍රික් මහා දිසාපති තුමා, උතුරුමැද පලාත් අණදෙන නිලධාරි තුමා මහාවිලච්චිය ප්‍රදේශිය ලේකම් තුමා ඇතුළු විශාල ආරධිත අමුත්තන් පිරිසක්ද මේ සදහා සහාභාගි විය.
Categories: Uncategorized