Tantirimale Rajamaha Viharaya

තන්තිරිමලේ කිරි ගවයින් නිදහස් කිරිම.

July 1, 2007 · Leave a Comment

poson-177.jpg

පොල්ගස්ඔවිට භාවනා මධ්‍යස්ථානයේ විහාරාධීපති හිමියන් ඇතුළු දායක පිරිස විසින් තන්තිරිමලේ පුරාණ රජමහා විහාරයේ මෙහෙය විමේන් පවත්වාගෙන යනු ලබන තන්තිරිමලේ ගව බැංකුව වෙත කිරිගවයින් 71 දෙනකු 2007/07/01 දින ප්‍රදානය කිරිම සිදුවිය. මෙම කිරිගවයින් තන්තිරිමලේ ගව බැංකුව හරහා දුප්පත් පවුල් වෙත ලබා දේ මෙම කටයුතු සදහා අනුසාසනා කිරිම අප විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අතනි සිදුවිය. මෙම උත්සවය සදහා ප්‍රදේශිය ලේකම් තුමා ඇතුළු සම්භාවනිය අමුත්තන් විශාල පිරිසක් සහභාගි විය.

Categories: Uncategorized

තන්තිරිමලේ විදුලි ආලෝකයෙන් නැහැවෙයි.

July 1, 2007 · Leave a Comment

dsc_4155.jpg

විජය පුවත්පත් සමාගමේ පුර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලැබු තන්තිරිමලේ විදුලි ආලෝක පුජාව අාගමික වතාවත් වලින් අනතුරුව විජය පුවත් පත් සමාගවේ සභාපති තුමන් අතින් 2007/06/30 වන දින රාත්‍රි 7.00 විවෘත විය මෙම අවස්තාවට විශෘල පිරිසක්ද සහභාගි වි සිටියහ. මිට අමතරව සභාපති තුමන් අතින් දහම් පාසල් ගුරු ගුරුවරියන්ට නිල ඇදුම් ප්‍රධානය කිරිමද මෙහිදි සිදුවිය.

 රාත්‍රි 8.00 ට පමණ දහම් පාසල් අතර භක්ති ගිත තරගාවලය පවත්වනු ලැබු අතර

ප්‍රතම ස්ථානය :- සිද්ධාර්තය දහම්පාසල – මහාවිලච්චිය

දෙවන ස්ථානය :- සංඝමිත්තා දහම්පාසල – තන්තිරිමලේ

තෙවන ස්ථානය :- මිහිදු දහම්පාසල – පේ මඩුව

යන ආකාරයට භක්ති ගිත තරගාවලිය ජයග්‍රහනයන් ලැබිය.

Categories: Uncategorized